පසම් - සලාපුර වෙළුම දොරට වැඩුම

සිරිලක කිතුනු සාහිත්‍යයේ ආදි කතුවර අතිගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියනම දායාද කළ පසම් හා ලතෝනි කාව්‍ය භාවිතය අනාගත පරපුරට උරුම කරනු වස් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකබද්ධව දියත් කෙරෙන පසම් සංරක්ෂණ ක්‍රියාදාමයේ “සලාපුර වෙළුම දොරට වැඩුම” ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ සභාපති තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ සලාපුර පදවි අපෝස්තලික පරිපාලක රදගුරු තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 08 වන දින හලාවත, සුදසුන ශාලාවේ දී ප.ව. 4.00ට පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් හලාවත ප්‍රදේශය පාදක කරගනිමින් “පසම් හා ලතෝනි පුරාණය - හලාවත වෙළුම” නමින් ග්‍රන්ථයක් ද එම ගායනා ඇතුලත් ඩී.වී.ඩී. පටයක්ද ප්‍රකාශයට පත් කෙරිණි. එම ඩී.වී.ඩී. පටයෙහි ඇතුලත් ගායනා දෙපාර්තමේන්තු යූ ටියුබ් නාලිකාව Youtube ඔස්සේ නැරඹීමේ හැකියාව පවතින අතර ඉදිරියේදී ග්‍රන්ථයේ පිටපතක්ද දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ භාගත කිරීමේ පහසුවද සලසා දීමට කටයුතු කරමින් පවතී.