Dharma Prabhashwara 2022

held on 2022-02-24 at BMICH

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන අභිමානවත් චාරිකාවක කිතුනු මිනිසා සොයා යන ධර්ම ප්‍රභාෂ්වර උත්තමාචාර 2022 සම්මාන උළලේ තෙවන දිගහැරුම 2022 පෙබරවාරි මස 24 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ගේ සහ ප්‍රවීණ රංගනශිල්පනී නීටා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ තවත් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු සම්මාන උළෙල සඳහා දිවයින පුරා විහිදී සිටි කිතුනු කලා ශිල්ප ප්‍රවර්ධනයට දායක වූ කලාකරුවන් 39 දෙනෙකු සම්මානයට පාත්‍ර විය. සියලුම පදවි ආවරණය වන පරිදි 65 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභික සමාජිකයින් පිරිසකගේ දායකත්වයෙන් සම්මානලාභීන් තෝරා පත්කරගැනීම සිදුකරන ලදී.