background-image

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව Digital පාස්කු කලාපය - 2024

2024 වසර සදහා ද චතාරික සහ පාස්කු මංගල්‍ය නිමිති කොට ගෙන, ශුද්ධවූ සතිය තුල ඩිජිටල් මාධ්‍යයෙන් බෙදා හැරීම සදහා විශේෂ පාස්කු කලාපයක් නිකුත් කිරීමට අප දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. එම කලාපයෙහි පළ කිරීම සදහා පාස්කුව පිලිබඳව පාඨක ජනතාව වන ඔබගේ හරවත් ගද්‍ය, පද්‍ය නිර්මාණ, ලිපි, කෙටි කථා, වාර්තා පැහැදිලි අකුරින් ඉදිරිපත් කරන ලෙසට ආරාධනා කර සිටිමු.

එම නිර්මාණ මීට පෙර පුවත්පතක පළ නොවූ නව නිර්මාණ බවටත් ඒවා ස්ව නිර්මාණ බවටත් තමන් විසින්ම සහතික කර තමන් අයත් මීසමේ මීසම් පාලක ගරු පියතුමන්ගේ අත්සන හා නිල මුද්‍රාව සහිත නිර්දේශය සමඟ ඉදිරිපත් කළ යුතුය. නිර්මාණය ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන මෙන්ද කාරුණීකව ඉල්ලා සිටිමි. පැහැදිලි අකුරින් ලියන ලද හෝ මුද්‍රිත ලෙස මෙම නිර්මාණ 2024.03.15 දිනට පෙර ලැබෙන ලෙස,

"අධ්‍යක්ෂ,

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව,

අංක 180, තුන්වන මහල, ටී.බී.ජයා මාවත,

කොළඹ-10

යන ලිපිනයට හෝ

d_christianreligiousaffairs@yahoo.com

minchris@sltnet.lk

යන ඊමේල් ලිපිනයට යොමුකරන්න.

පසුගිය පාස්කු අතිරේකය මෙතනින් බලන්න